සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට.... රිදවුනු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට.............

Friday, December 31, 2010

Image and video hosting by TinyPic රෑ අහසේ තරු ⋆ වෘෂභ ⋆

ඔරායන්ගේ බඳපටිය (ඔරායන් තාරකා මණ්ඩලය පිළිබඳ මීට පෙර ලිපිය) එල්ලේ අනෙක් අතට බැලූ විට අපේ නෙතට හමුවන දීප්තිමත්ම තාරකාව ඇල්ඩෙබරන්(ALDEBERAN) තරුවයි
මෙය වෘෂභ මණ්ඩලයෙහි(TAURUS) ප්‍රධානම තරුවයි. ගොනෙකුගේ හැඩය ඇති මෙම මණ්ඩයට අයත් වන තාරකා කිහිපයක ඉංග්‍රීසි V අකුරක හැඩයට සකස්ව ඇති අතර එහි එක් කෙළවරක එල් නාත්(EL NATH) තාරකාව පිහිටයි. එම තාරකා පෙළ ගවයාගේ හිස ලෙසද ඇල්ඩෙබරන් තරුව ගවයාගේ ඇස හෙවත් වෘෂභ ඇස යනුවෙන්ද තාරකා විද්‍යාඥයන් විසින් හඳුන්වති.


ඇල්ඩෙබරන් පළමු ගණයේ විශාලත්වයකින් යුත් තැඹිලි වන් රතු පැහැති දීප්තිමත් තාරකාවකි. එය ආලෝක වර්ෂ 68ක් ඈතින් පිහිටා ඇත

හත්දින්න තරු පොකුරද මෙම තාරකා මණ්ඩය තුළම පිහිටා ඇති බැවින් මෙම මණ්ඩය හඳුනා ගැනීම ඉතා පහසුවේ. ග්‍රීක් දේව පුරාණවලට අනුව මෙම තාරකා පොකුරින් දැක්වෙන්නේ නිවුන් සහෝදරියන් සත් දෙනෙකි. පියවි ඇසින් මෙම තරු පොකුර දෙස බැලූ විට තාරකා හයක් පමණ පහසුවෙන් හඳුනා ගත හැකිවේ. එහෙත් දුරදක්නයකින් එදෙස බැලුවහොත් තාරකා සිය ගණනක් දිලෙනු දැකිය හැක.

0 --> මෙම ලිපිය ගැන ඔබගේ අදහස්…:

To Use A Smiley In Your Comment, Simply Add The Characters Beside Your Choosen Smiley To The Comment:
:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment