සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට.... රිදවුනු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට.............

Sunday, December 19, 2010

Image and video hosting by TinyPic රතු ඉන්දියානු නායකතුමාගෙන් එක්සත් ජනපද ජනපතිට ලිපියක්……

එක්සත් ජනපද වොෂින්ටන් නගරයේ ආණ්ඩුකාරතුමා රතු ඉන්දියානු ජාතිකයන් විසින් තම සියලුම ඉඩම් විකුණා දැමිය යුතු යයි කරන ලද නිවේදනය පිළිබඳ රතු ඉන්දියානු නායක සියැටල් විසින් ක්සත් ජනපද ජනපතිට 1854දී ලිපියක් යවන ලදී.මෙම ලිපියෙන් සියලු දේ පිලිබඳව දෙවියන්ගේ ඇති ගැඹුරු අවබෝධය පෙන්වාදීමට එතුමන් උත්සාහ දරා ඇත.


වොෂින්ටන් නුවර ප්‍රධානියා අපගේ ඉඩම් මිලදී ගනීමට බලාපොරොත්තුවෙන් සිටින බව දන්වා එවා තිබේ.එසේම අප කෙරෙහි ඇති මිත්‍රශීලීත්වය හා හොඳහිත පිලිබඳවත් දන්වා එවා තිබේ.ඔහුගේ මෙම කරුණාව‚ අප අතර ඇති මිත්‍රශීලීත්වය වෙනුවට ඉතා සුලු දෙයක් නැවත අපගෙන් බලාපොරොත්තු වන නිසා බව අපි දනිමු. කෙසේ වෙතත් අප ඔබගේ යෝජනාව පිලිබඳව සලකා බලන්නේය. අප එසේ කරන්නේ අපගේ ඉඩම් විකුණුවේ නැතිනම් සුදු මිනිසුන් තුවක්කු ගෙන පැමින අපගේ ඉඩම් ගන්නා බව දන්නා බැවිනි.
රතු ඉන්දියානු නායකතුමා 
( සියැටල් -Chief Seattle)

මේ අහස හෝ මේ පොළවෙහි උණුසුම මිලයට ගැනීම හෝ විකිණීම ඔබට කල හැක්කේ කෙසේද? මෙම අදහස අපට නොපුරුදු දෙයකි. වාතයේ ඇති නැවුම් බව සහ ජලයේ ඇති දිදුලන බව අපට අයිති නැත්නම් ඔබ ඒවා මිලයට ගන්නේ කෙසේද?
මගේ ජනතාවට මේ මහ පොළොවෙහි ඇති සෑම කොටසක්ම පූජනීය වේ. දිලිසෙන සෑම පයින් කූරක්මසෑම වැලි වෙරලක්ම, අන්ධකාර වනාන්තරයේ සෑම මීදුම් පටලයක්ම, සවනට ඇසෙන සෑම ශබ්දයක්ම‚ ගුම්නද දෙන හැම කෘමියෙක්ම මගේ ජනතාවගේ මතකයන් අතර පූජනීය වේ. ඒ සියල්ල
මගේ ජනතාව අත්විඳ ඇත.ගස් තුලින් ගලා යන යුෂ රැගෙන යන්නේ රතු ඉන්දියානුවන්ගේ මතක සටහන්ය.
මරණයෙන් පසු තරු අතර ඇවිදින විට සුදු මිනිසුන්ට තමන්ගේඋපන් බිම අමතක වේ. නමුත් අපගේ මරණයෙන් පසු මේ ලස්සන මහ පොළව අපට කිසිදා අමතක නොවේ. ඒ මේ මහ පොළව රතු ඉන්දියානුවන්ගේ මාතාව බැවිනි.
අප මේ මහ පොළවෙහි කොටසක් සේම මහ පොළව අපගේ කොටසක්ය. සුවද කැවුණු මල් අපගේ සහෝදරියෝය. මුවන්අශ්වයින්විශාල රාජාලියන් මේ සියල්ල අපගේ සහෝදරයෝය. ගල් සහිත කඳුමුදුන්‚ තණබිම් වල ඇති සාරය‚ කුඩා අශ්වයින්ගේ ඇඟෙහි ඇති උණසුම සහ මිනිසුන් මේ සියල්ල එකම පවුලකට අයත්ය.
කෙසේ වෙතත් අපගේ ඉඩම් මිලට ගැනීම පිලිබඳ ඔබගේ යෝජනාව අප සලකා බලන්නේය. නමුත් එය අපට ඉතා ලෙහෙසි කටයුත්තක් නොවේ. ඒ මේ භූමිය අපට පූජනීය වන බැවිනි.
මේ දිය පහරවල් හා ගංගාවල ගලායන දිලිසෙන ජලය‚ ජලය පමණක්ම නොවේ. ඒ අපගේ ආදි මුතුන් මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට මේ භූමිය විකුණුවහොත් මේ භූමිය පූජනීය බව ඔබ මතක තබා ගත යුතුය.එසේම මේ භූමිය පූජනීය බවත් විල්වල ඇති පිරිසිඳු ජලයෙහි තිබෙන සියලු අවතාර වැනි ප්‍රතිබිම්භ කියාපාන්නේ මගේ ජනතාවගේ ජීවිතයෙහි වැදගත් සිදුවීම් සහ මතකයන් බවත් ඔබගේ දරුවන්ට ඔබ ඉගැන්විය යුතුය. ජලයේ මුණු මුණුව මගේ පියාගේත් පියාගේ හඬය.
අපගේ පිපාසය සංසිඳුවන ගංගාවන් අපගේ සහෝදරයෝය. ගංගාවන් අපගේ ඔරු ගෙනයයි. එසේම අපගේ දරුවන්ද පෝෂණය කරයි. මේ භූමිය විකුණුවහොත් මේ ගංගාවන් අපගේ සහ ඔබගේ සහෝදරයන් බව ඔබගේ දරුවන්ට ඉගැන්විය යුතුය. එසේම මින් ඉදිරියට ඔබගේ සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවන් කෙරෙහිද දැක්විය යුතුය.

උදෑසන හිරු ළඟා වන විට කඳු අතර ඇති මීදුම පලා යන්නා සේ රතු මිනිසාත් හැම විටම සුදු මිනිසාගේ ආක්‍රමණ ඉදිරියේ පසු බැස්සේය. නමුත් අපගේ මුතුන් මිත්තන්ගේ අළු පූජනීයයි. ඔවුන්ගේ සොහොන් ශුද්ධ භූමි වේ. එම නිසා මේ කඳුවැටි‚ මේ ගහ කොළ‚ මේ භූමි භාගය අපට කැප කෙරුණු දේ වෙයි. 
සුදු මිනිසුන් අපගේ ගති පැවතුම් තේරුම් නොගන්නා බව අපි දනිමු. රාත්‍රියෙහි පැමින තමන්ට උවමනා සැම දෙයක්ම පොළොවෙන් ලබා ගන්න ආගන්තුකයෙක් නිසා ඔහුට මෙම භූමි භාගය මෙන්ම අනෙකුත් භූමි සියල්ලමත් එක හා සමානය. මේ මහ පොළව ඔහුගේ සතුරකු මිස සහෝදරයකු නොවේ. ඔහු මේ භූමිය ජයගත් පසු තවත් භූමියකට යන්නේය.
ඔහු කිසිම තැකීමක් නොමැතිව ඔහුගේ පියාගේ සොහොන අතහැර දමා යන්නේය. ඔහු ඔහුගේ දරුවන්ගෙන් මේ මහ පොළොව උදුරා ගත්තා පමණක් නොව ඔහු ඔහුගේ පියාගේ සොහොන පිළිබඳවද කිසිම තැකීමක් නොකරයි. එසේම ඔහුට ඔහුගේ දරුවන්ගේ ජන්ම උරුමයද අමතක වී ගොස් ඇත.
ඔහු ඔහුගේ මෑණියන් බඳු වූ මිහිතලය සහ ඔහුගේ සොහොයුරකු බඳු වූ මේ අහස සලකන්නේ බැටළුවන් හෝ දිලිසෙන පබළු මිලයට ගැනීමට හෝ පැහැර ගැනීමට හෝ විකිණීමට ඇති දෙයක් ලෙසටය. ඔහුගේ කැමැත්ත වන්නේ මේ මිහිතලය වනසා දමා කාන්තාර පමණක් ඉතිරි කිරීමය.
මම දන්නේ නෑ. අපේ ගති පැවතුම් වලට වඩා ඔබගේ ගති පැවතුම් වෙනස්ය. ඔබගේ නගර දැකීම පවා රතු මිනිසුන්ගේ දෑසට වේදනාව ගෙන දෙන්නකි. නමුත් සමහරවිට ඒ මට නොතේරෙන නිසා හෝ මම වනචාරී පුද්ගලයෙකු වන නිසා විය හැක. එහි ඝෝෂාකාරී ශබ්ද කනට අපහාස කරන්නාසේ පෙනෙන්නට ඇත.
මිනිසෙකුට වනයේ සිටින කුඩා සතුන්ගේ හුදකලා වැලපීම හෝ රාත්‍රියේදී විල් වටා සිටින මැඬියන්ගේ තර්ක ඇසීමට නොහැකි නම් ඔහුගේ ඒ ජීවිතය කුමක්ද? රතු මිනිසෙකු වන මා හට මෙය නොතේරේ.
විල් ජලය මතු පිටින් හමා යන සුළඟේ මෘදු ශබ්දයට රතු ඉන්දියානුවන් වඩා ප්‍රියතාවයක් දක්වයි. එසේම දහවල් වැස්සෙන් පිරිසිදු වුණු එසේත් නැත්නම්, පයිනොන් පයින් සුවදින් සුවදවත් වුණු ඒ සුළගේ සුවඳටත් රතු ඉන්දියානු මිනිසා ප්‍රියතාවයක් දක්වයි.


මිනිසා, ගස්කොළන්, සතා සිව්පාවා මේ සියලු දෙනා බෙදා ගන්නා හුස්මින් සැදුනු මේ වාතය රතු මිනිසාට බොහෝ වටිනා සම්පතකි.සුදු මිනිසා ඔහු ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය පිළිබඳ සැලකිල්ලක් දක්වන බව පෙනෙන්නට නොමැත. දින ගණනාවක් තිස්සේ පණ අදින මිනිසෙකු මෙන් ඔහුට ගඳ සුවඳ දැනෙන්නේ නැත.
කෙසේ වෙතත් අප ඔබට මේ භූමිය විකුණුවහොත් අපට පූජනීය වූ මේ වාතය හා එහි සාරය සියලු  ජීවීන් විසින් බෙදා ගත් බව ඔබ මතක තබා ගත යුතුය. අපේ මුත්තන්  ඔවුන්ගේ පළමු හුස්ම එක්කල මේ සුළඟම ඔවුන්ගේ අවසන් සුසුමත් භාර ගන්නේය. එසේම ඒ සුළඟ අපගේ දරුවන්ට ජීවිතයේ සාරය දිය යුතුය.
කෙසේ වෙතත් අපගේ ඉඩම් මිලට ගැනීම පිලිබඳ ඔබගේ යෝජනාව අප සලකා බලන්නේය.අප එය භාර ගැනීමට තීරණය කලහොත්, සුදු මිනිසා මේ භූමියෙහි වෙසෙන සියලු සතුන් තමන්ගේ සොහොයුරන් ලෙස සැලකිය යුතුයැයි මම එක කොන්දේසියක් දමමි.
වනචාරී පුද්ගලයෙකු වන මා හට වෙනත් ක්‍රමයක් තේරුම් ගත නොහැක. මහ තැනිතලාවන් පසුකරමින් දුම්රියෙන් ගමන් කරන සුදු මිනිසුන් විසින් වෙඩි තබා දමා ගිය මීහරකුන්ගේ කුණු වුණු මළ සිරුරු මම තණබිම්වල දහස් ගණන් මා විසින් දැක තිබේ. අප ජීවත් වීම සඳහා පමණක් මරණු ලබන මීහරකෙකුට වඩා දුම් දමන යකඩ අශ්වයා වඩා වැදගත් වන්නේ කෙසේද කියා වනචාරී පුද්ගලයෙකු වන මා හට තේරුම් ගත නොහැක.
සතුන් නොමැති විට මිනිසාට කුමක් සිදුවේද? සියලුම සතුන් නැතිවී ගියහොත් මිනිසුන් ඔවුන්ගේ ආත්මයේ හුදකලා බව නිසාම මිය යන්නේය. සතුන්ට අත්වන ඉරණමටම මිනිසුන්ටත් ඉතා ඉක්නින් මුහුන පෑමට සිදුවේ.මේ සියල්ල එකිනෙකට සම්බන්ධය.
ඔබගේ දරුවන්ගේ පාදවලට යටින් ඇති පොළවෙහි ඇත්තේ අපගේ මුතුන් මිත්තන්ගේ භස්මාවශේෂ බව ඔබගේ දරුවන්ට ඔබ ඉගැන්විය යුතුය.එවිට ඔවුන් මේ භූමියට ගරු කරනු ඇත. අපගේ ඥාතීන්ගේ ජීවයෙන් මේ මිහිතලය සාරවත්වී ඇති බව ඔබගේ දරුවන්ට කිව යුතුය.
මේ මිහිතලයට සිදුවන්නේ කුමක්ද,  මිහිතලයේ පුතුන්ටත් එයම සිදුවනු ඇත.මිනිසා ජීවිතය නම් වූ දැල වියන්නේ නැත. ඔහු එහි එක් පොටක් පමණය. මිනිසා එම දැලට කුමක්  කරයි ද, එය ඔහු තමාටම කර ගන්නා දෙයක් වේ.
ඉතිරි දිනයන් අප කොතැන ගතකරනවාද යන්න අපට සුළු කරුණකි. දින විශාල ගණනක් නැත. ඇත්තේ තවත් හෝරා කිහිපයක් සහ ශීත ඍතු කිහිපයක් පමණි. මේ මිහිතලය මත ජීවත් වුනු උතුම් ගෝත්‍රයක සිටින, කුඩා කණ්ඩයම් ලෙස වනයේ නිදැල්ලේ හැසිරෙන දරුවන් කිසිවෙකු‚ කලෙක ඔබ වැනිම බලවත්ව සහ බලාපොරොත්තු සහගතව සිටි මිනිසුන්ගේ සොහොන් අසල විලාපදීමට ඉතිරි නොවනු ඇත.
අප දන්නා එකම දෙයනම්‚ යම් දිනෙක සුදු මිනිසා ඔවුන්ගේ දෙවියන් හා අපගේ දෙවියන් සමාන බව සොයා ගන්නා බවයි. අපගේ ඉඩම් අයති කරගන්නට යන ආකාරයටම ඔබ දැන් සිතාවි ඔහුත්(දෙවියන්) ඔබට අයිති කියල. ඒත් ඔබට බැහැ එහෙම කරන්න. ඔහු මිනිසුන්ගේදෙවියාය.ඔහුගේකරුණාව රතු මිනිසාටත් සුදු මිනිසාටත් එක හා සමානය.
මේ මිහිතලය ඔහුට(දෙවියන්) බොහෝ වටිනා සම්පතකි. මිහිතලයට හානි කිරීම යනු එහි නිර්මාතෘ වෙත නින්දා කිරීමකි. සුද්දොත් නැති වෙලා යාවි‚ සමහරවිට අනෙකුත් සියලු ගෝත්‍රිකයන්ට වඩා ඉක්නින්ම. දිගින් දිගටම ඔබේ නිදියහන කිලිටි කිරීමෙන් එක රැයකදී ඔබ විසින්ම ඔබේ හුස්ම හිර කර ගනීවි.
ඔබගේ වැනසීමේදී, ඔබ මේ භූමියට ඔබව කැඳවා ගෙන පැමිනි දෙවියන්ගේ ශක්තියෙන් ගිනි දල්වාගෙන ඉතා දීප්තිමත් ලෙස බැබැලේවි. එවිට යම් විශේෂිත අරමුණක් මේ භූමියට සහ රතු මිනිසාට එරහිව ආධිපත්‍ය ලබා දේවි. මී හරකුන් මරා දැමීම, හීලෑ නොවු අශ්වයින් හීලෑ කිරීම, වනයේ රහස් අහුමුලු බොහෝ මිනිසුන්ගේ සුවඳින් බහුලවීම සහ හොඳින් වැඩුණු කඳුවල දර්ශනය කතා කරන රැහැන්වලින් බොඳවීම ආදී දේ අපට නොතේරෙන අභිරහස් වේ.
වනලැහැබ ගියේ කොතැකටද? රාජාලියා ගියේ කොතැකටද? වේගයෙන් දිවයන කුඩා අශ්වයින්ට සහ දඩයම් ජීවිතයට කොහොමද ආයුබෝවන් කියන්නෙජීවත්වීමේ අවසානය සහ නොනැසී ඉතිරිවීමේ ආරම්භය.
කෙසේ වෙතත් අප ඔබට අපගේ භූමිය විකුණුවහොත් අප එය රැකගත් ආකාරයටම ආදරයෙන් රැකගන්න.මේ භූමියේ මතකයන්‚ එය ඔබ ලබාගන්නා විට තිබූ ආකාරයෙන්ම ඔබේ මනසේ තබාගන්න.එසේම ඔබේ දරුවන් වෙනුවෙන් ඔබේ මුලු ශක්තියෙන්ම, ඔබේ මුලු හදවතින්ම එය සුරකින්න.එසේම දෙවියන් අපටආදරයකරන්නාසේ එයට ආදරය කරන්න.
සියැටල්



0 --> මෙම ලිපිය ගැන ඔබගේ අදහස්…:

To Use A Smiley In Your Comment, Simply Add The Characters Beside Your Choosen Smiley To The Comment:
:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment