සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට.... රිදවුනු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට.............

Wednesday, December 8, 2010

Image and video hosting by TinyPic රෑ අහසේ තරු ⋆දඩයක්කාරයා⋆


දඩයක්කාරයා(ORION) යනු රාත්‍රි අහසේ දක්නට ලැබෙන වඩාත්ම ප්‍රසිද්ධ තාරකා මණ්ඩලයයි. මෙම තාරකා මණ්ඩලය වටා කථා රාශියක් ගෙතී ඇත. ඇත්ත වශයෙන්ම දඩයක්කාරයා තාරකා මණ්ඩලය රාත්‍රි අහසේ දක්නට ලැබෙන වඩාත්ම චිත්තාකර්ශණීය තාරකා මණ්ඩල යැයිද කිව හැකිය. විශේෂයෙන් එහි පිහිටීම නිසා එය වඩාත් කැපී පෙනේ. දඩයක්කාරයා හඳුනා ගත හැකි පහසුම ලක්ෂණය නම් එහි මැද බඳ හරහා පේළියට පිහිටි දෙවන ගණයේ විශාලත්වයෙන් යුත් තාරකා තුනයි. මෙම තාරකා තුනෙන් දඩයක්කරුගේ බඳ පටිය දැක්වෙයි. එය වටා වූ සෘජුකෝණාස්‍රයක ශීර්ෂ ලෙසින් පිහිටි දීප්තිමත් තාරකා හතර නිසා මෙම තාරකා මණ්ඩලයෙහි විසිතුරු බව වැඩිවී ඇත. මෙම මණ්ඩලයෙහි දීප්තිමත්ම තාරකාව ඉහත කී සෘජුකෝණාස්‍රයෙහි එක් ශීර්ෂයක් වෙයි. බෙට්ල්ජුස්(BETELGEUSE) තරුවයි.මෙම තරුව මගින් දඩයක්කාරයාගේ දකුණු උරහිස දැක්වෙයි. බෙට්ල්ජුස් රතු පැහැති විශාල තරුවකි. පළමු ගණයේ විශාලත්වයෙන් යුත් එම තරුව ආලෝක වර්ෂ 520ක් ඈතින් පිහිටා තිබේ. එහි විෂ්කම්භය 400,000,000 Kmක් පමන වෙයි. එහි විශාලත්වය වරින් වර වෙනස් වන බව දර්ශනය වේ. දඩයක්කාරයා තාරකා මණ්ඩලයේ පිහිටි සෘජුකෝණාස්‍රයෙහි බෙට්ල්ජුස් හරහා ඇඳි විකර්ණයෙහි අනෙක් කෙළවරේ ඇත්තේ රිජෙල්(RIGEL) තාරකාවයි. මෙය පළමු ගණයේ විශාලත්වය සහිත තාරකාවකි. එය ආලෝක වර්ෂ 900ක් ඈතින් පිහිටා තිබේ. මෙම මණ්ඩලයෙහි දෙවන වැදගත්තරුව රිජෙල්ය. මෙය සුදු පැහැති තාරකාවකි. රිජෙල්, ඔරායන් දඩයක්කාරයාගේ වම් දණහිස දක්වයි

  

බෙලාට්‍රික්ස්(BELLATRIX) තරුව ඔහුගේ වම් උරහිසයි. එය දෙවන ගණයේ විශාලත්වයෙන්යුතු තාරකාවකි.මෙය ආලෝක වර්ෂ 470ක් පමන ඈතින් පිහිටා තිබේ. දඩයක්කාරයාගේ සෘජුකෝණාස්‍රයේ ඉතිරි ශීර්ෂය සෙයිග්(CEIG) තාරකාවයි. එය දෙවන ගණයේ විශාලත්වයෙන් යුතු තාරකාවකි.මෙය ආලෝක වර්ෂ 2100ක් පමන ඈතින් පිහිටා තිබේ. දඩයක්කරුගේ බඳ පටිය දැක්වෙන්නේ මින්ටාකා(MINTAKA) ඇල්නිලාම්(ALNILAM) සහ ඇල්නිටාක්(ALNITAK) යන දෙවන ගණයේ තාරකා තුන මගිනි. මේ තාරකා තුනද, දළ වශයෙන් ආලෝක වර්ෂ 1500ක් පමන ඈතින් පිහිටාඇත. දඩයක්කරුගේ බඳ පටියේ දකුණු කෙලවරින් පහළට එල්ලෙන තරු පෙළ ඔහුගේ කඩුව සේ සැලකේ. මෙහි ඔරියොනිඩ්ස්(ORIONIDS) නමැති තාරකා මඩුල්ල සහිත වලාකුළක් බඳු නීහාරිකාව(NEBULA) විශේෂ ලක්ෂණයකි. දඩයක්කරුගේ බඳ පටියේ දකුණු කෙලවරින් පහළට ඔහුගේ කඩුව එල්ලෙන සේ පෙනේ. අඳුරු පැහැති පැල්ලමක් වශයෙන් මෙම නීහාරිකාව දිස්වෙයි. දඩයක්කරුගේ හිස දැක්වෙන කුඩා තාරකාවක්ද ඇත. එම හිස හැමවිටම උතුරු දෙසට හැරී පවතී. තාරකා විසිපහක් පමන මෙම මණ්ඩලයට අයත්ය.


1 comment:

  1. plz aneth තරු ganath mata visthara sinhalen ona vela thiyenava , help me,

    ReplyDelete