සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට.... රිදවුනු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට.............

Sunday, December 5, 2010

Image and video hosting by TinyPic රෑ අහස…


රාත්‍රි අහසේදී අපට විවිධ දේ දැකීමට පුලුවන. තාරකා(Stars)‚ ග්‍රහලෝක(Planets) වල්ගා තරු(Comet) පොකුරු තාරකා(Cluster Stars) සහ උල්කාපාත(Meteorite) ආදිය මින් වඩාත්ම කැපී පෙනේ. අප පි‍‍යවි ඇසින් දකින සියලුම තාරකා අයත් වන්නේ විශාල ගැලැක්සියකටය. මැදින් නෙරා ගිය පැතලි තැටියක හැඩය ගත් මේ ගැලැක්සියෙහි එක් කෙළවරකට ආසන්න වන පරිදි අපේ පෘථිවිය අයත් වන සෞර ග්‍රහ පද්ධතිය පිහිටා තිබේ. එය පහිටා ඇත්තේ එම ගැලැක්සියේ කේන්ද්‍රයේ සිට ආලෝක වර්ෂ 32,000ක් පමණ දුරිනි.මේ මුලු ගැලැක්සියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 100‚000ක් පමණ වේ. අපේ සූර්යයා මෙන් වූ තාරකා දශ ලක්ෂ ගණනක් ගැලැක්සිය තුළ පමණක් පිහිටා ඇත. මේ අනුව ගැලැක්සිය සලකන විට අපේ සූර්යයා ඉතා නොවැදගත් සේ හැඟී යන්නා සේම සමස්ත විශ්වයම සලකන විට අප අයත් වන ගැලැක්සියද‚ එතරම් වැදගත් නොවේ. මෙවැනි ගැලැක්සීන් කෝටි සියයක් පමණ  ඇති බව දැනට සොයාගෙන තිබේ. ඉතා ඈත අවකාශයෙහි පිහිටි එවැනි දෑ අපට දිස්වෙන්නේ කුඩා පැල්ලම් වශයෙනි.

0 --> මෙම ලිපිය ගැන ඔබගේ අදහස්…:

To Use A Smiley In Your Comment, Simply Add The Characters Beside Your Choosen Smiley To The Comment:
:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment