සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට.... රිදවුනු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට.............

Thursday, December 16, 2010

Image and video hosting by TinyPic රෑ අහසේ තරු ⋆ මහ වලසා ⋆


මහ වලසා(URSA MAJOR) රාත්‍රි අහසේ දක්නට ලැබෙන වඩාත්ම ප්‍රසිද්ධ තාරකා මණ්ඩලවලින් එකකි.මෙම තාරකා මණ්ඩලයට අයත් දීප්තිමත් තරු හතකින් සෑදෙන නගුල හෙවත් සප්ත ඍෂි තාරකා රූපය නිසා මෙය මනාව කැපී පෙනේ. බටහිර රටවල ජනයා මෙම තාරකා හත“බිග් ඩිපර්” යනුවෙන් හඳුන්වති. මෙම තාරකා රූපය බොකුටු හැන්දක ස්වරූපය ගන්නා බැවින් එසේ ව්‍යවහාර වේ. මහ වලසා තාරකා මණ්ඩලයට තාරකා 15 ක් පමණඅයත්වේ. මෙහි ප්‍රධාන තාරකාව ඩූබේ(DUBHE) තාරකාවයි. එය ආලෝක වර්ෂ 107ක් ඈතින් පිහිටා ඇත.
දෙවන තාරකාව වන මෙරක්(MERAK) ආලෝක වර්ෂ 78ක් ඈතින් පිහිටා ඇත. අල්කයිඩ්(ALKAID) තාරකාවද අලියොත්(ALIOTH) තාරකාවද පිළිවලින් ආලෝක වර්ෂ 210ක් සහ 68ක් ඈතින් පිහිටා ඇත. නගුලට අයත් තාරකා සියල්ලම දෙවන ගණයේ විශාලත්වයකින් යුත් ඒවාය. එබැවින් ඒවා හඳුනා ගැනීම පහසුය.

නගුල් තාරකා සමූහය රාත්‍රි අහසේදී අනෙකුත් තාරකා මණ්ඩල සොයා ගැනීමට ඉවහල් වන ප්‍රධාන මං සලකුනක් ලෙසද සැලකිය හැක. නගුලේ මිට ඔස්සේ එනම්‚ අල්කයිඩ් සහ අලියොත් යන තාරකා ඔස්සේ පහලට බැලූ විට බූටස්(BOOTES) හෙවත් එඬේරා තාරකා මණ්ඩලය හමුවේ. ඩූබේ තාරකාව ඔස්සේ පහලට බැලූ විට සිංහ(LEO) මණ්ඩලය හමුවේ.

0 --> මෙම ලිපිය ගැන ඔබගේ අදහස්…:

To Use A Smiley In Your Comment, Simply Add The Characters Beside Your Choosen Smiley To The Comment:
:)) ;)) ;;) :D ;) :p :(( :) :( :X =(( :-o :-/ :-* :| 8-} :)] ~x( :-t b-( :-L x( =))

Post a Comment