ඔරායන්ගේ බඳපටිය (ඔරායන් තාරකා මණ්ඩලය පිළිබඳ මීට පෙර ලිපිය) එල්ලේ අනෙක් අතට බැලූ විට අපේ නෙතට හමුවන දීප්තිමත්ම තාරකාව ඇල්ඩෙබරන්(ALDEBERAN) තරුවයි.
Friday, December 31, 2010
රෑ අහසේ තරු ⋆ වෘෂභ ⋆
Friday, December 24, 2010
මූසල රාත්‍රිය………
Sunday, December 19, 2010
රතු ඉන්දියානු නායකතුමාගෙන් එක්සත් ජනපද ජනපතිට ලිපියක්……
එක්සත් ජනපද වොෂින්ටන් නගරයේ ආණ්ඩුකාරතුමා රතු ඉන්දියානු ජාතිකයන් විසින් තම සියලුම ඉඩම් විකුණා දැමිය යුතු යයි කරන ලද නිවේදනය පිළිබඳ රතු ඉන්දියානු නායක සියැටල් විසින් එක්සත් ජනපද ජනපතිට 1854දී ලිපියක් යවන ලදී.මෙම ලිපියෙන් සියලු දේ පිලිබඳව දෙවියන්ගේ ඇති ගැඹුරු අවබෝධය පෙන්වාදීමට එතුමන් උත්සාහ දරා ඇත.
වොෂින්ටන් නුවර ප්‍රධානියා අපගේ ඉඩම් මිලදී ගනීමට බලාපොරොත්තුවෙන් සිටින බව දන්වා එවා තිබේ.එසේම අප කෙරෙහි ඇති මිත්රශීලීත්වය හා හොඳහිත පිලිබඳවත් දන්වා එවා තිබේ.ඔහුගේ මෙම කරුණාව‚ අප අතර ඇති මිත්රශීලීත්වය වෙනුවට ඉතා සුලු දෙයක් නැවත අපගෙන් බලාපොරොත්තු වන නිසා බව අපි දනිමු. කෙසේ වෙතත් අප ඔබගේ යෝජනාව පිලිබඳව සලකා බලන්නේය. අප එසේ කරන්නේ අපගේ ඉඩම් විකුණුවේ නැතිනම් සුදු මිනිසුන් තුවක්කු ගෙන පැමින අපගේ ඉඩම් ගන්නා බව දන්නා බැවිනි.
වොෂින්ටන් නුවර ප්‍රධානියා අපගේ ඉඩම් මිලදී ගනීමට බලාපොරොත්තුවෙන් සිටින බව දන්වා එවා තිබේ.එසේම අප කෙරෙහි ඇති මිත්රශීලීත්වය හා හොඳහිත පිලිබඳවත් දන්වා එවා තිබේ.ඔහුගේ මෙම කරුණාව‚ අප අතර ඇති මිත්රශීලීත්වය වෙනුවට ඉතා සුලු දෙයක් නැවත අපගෙන් බලාපොරොත්තු වන නිසා බව අපි දනිමු. කෙසේ වෙතත් අප ඔබගේ යෝජනාව පිලිබඳව සලකා බලන්නේය. අප එසේ කරන්නේ අපගේ ඉඩම් විකුණුවේ නැතිනම් සුදු මිනිසුන් තුවක්කු ගෙන පැමින අපගේ ඉඩම් ගන්නා බව දන්නා බැවිනි.
රතු ඉන්දියානු නායකතුමා ( සියැටල් -Chief Seattle) |
මේ අහස හෝ මේ පොළවෙහි උණුසුම මිලයට ගැනීම හෝ විකිණීම ඔබට කල හැක්කේ කෙසේද? මෙම අදහස අපට නොපුරුදු දෙයකි. වාතයේ ඇති නැවුම් බව සහ ජලයේ ඇති දිදුලන බව අපට අයිති නැත්නම් ඔබ ඒවා මිලයට ගන්නේ කෙසේද?
මගේ ජනතාවට මේ මහ පොළොවෙහි ඇති සෑම කොටසක්ම පූජනීය වේ. දිලිසෙන සෑම පයින් කූරක්ම, සෑම වැලි වෙරලක්ම, අන්ධකාර වනාන්තරයේ සෑම මීදුම් පටලයක්ම, සවනට ඇසෙන සෑම ශබ්දයක්ම‚ ගුම්නද දෙන හැම කෘමියෙක්ම මගේ ජනතාවගේ මතකයන් අතර පූජනීය වේ. ඒ සියල්ල
Thursday, December 16, 2010
රෑ අහසේ තරු ⋆ මහ වලසා ⋆
මහ වලසා(URSA MAJOR) රාත්‍රි අහසේ දක්නට ලැබෙන වඩාත්ම ප්‍රසිද්ධ තාරකා මණ්ඩලවලින් එකකි.මෙම තාරකා මණ්ඩලයට අයත් දීප්තිමත් තරු හතකින් සෑදෙන නගුල හෙවත් සප්ත ඍෂි තාරකා රූපය නිසා මෙය මනාව කැපී පෙනේ. බටහිර රටවල ජනයා මෙම තාරකා හත“බිග් ඩිපර්” යනුවෙන් හඳුන්වති. මෙම තාරකා රූපය බොකුටු හැන්දක ස්වරූපය ගන්නා බැවින් එසේ ව්‍යවහාර වේ. මහ වලසා තාරකා මණ්ඩලයට තාරකා 15 ක් පමණඅයත්වේ. මෙහි ප්‍රධාන තාරකාව ඩූබේ(DUBHE) තාරකාවයි. එය ආලෝක වර්ෂ 107ක් ඈතින් පිහිටා ඇත.
Sunday, December 12, 2010
මිනිසා……
මිනිසුන් වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත.
ඉන් එක කොටසක් වැඩ කරන අයයි. අනෙක් කොටස ඒ සඳහා ලකුණු දමා ගන්නා අයයි.
මගේ පියා මට නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටසට වී සිටින ලෙසයි.
එයට හේතුව වැඩ කරන මිනිසුන් අතරේ තරඟයක් නොමැති අතර තරඟය ඇත්තේ වැඩ නොකර ලකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැවිනි.
මහත්මා ගාණ්ධි තුමා
Saturday, December 11, 2010
කඳුලු බිඳක් වී……
Wednesday, December 8, 2010
රෑ අහසේ තරු ⋆දඩයක්කාරයා⋆
Sunday, December 5, 2010
කඩුපුල් මල…
හතරෙම හිටිය කෙනා…
රෑ අහස…
රාත්‍රි අහසේදී අපට විවිධ දේ දැකීමට පුලුවන. තාරකා(Stars)‚ ග්‍රහලෝක(Planets)‚ වල්ගා තරු(Comet)‚ පොකුරු තාරකා(Cluster Stars) සහ උල්කාපාත(Meteorite) ආදිය මින් වඩාත්ම කැපී පෙනේ. අප පියවි ඇසින් දකින සියලුම තාරකා අයත් වන්නේ විශාල ගැලැක්සියකටය. මැදින් නෙරා ගිය පැතලි තැටියක හැඩය ගත් මේ ගැලැක්සියෙහි එක් කෙළවරකට ආසන්න වන පරිදි අපේ පෘථිවිය අයත් වන සෞර ග්‍රහ පද්ධතිය පිහිටා තිබේ. එය පහිටා ඇත්තේ එම ගැලැක්සියේ කේන්ද්‍රයේ සිට ආලෝක වර්ෂ 32,000ක් පමණ දුරිනි.මේ මුලු ගැලැක්සියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 100‚000ක් පමණ වේ. අපේ සූර්යයා මෙන් වූ තාරකා දශ ලක්ෂ ගණනක් ගැලැක්සිය තුළ පමණක් පිහිටා ඇත. මේ අනුව ගැලැක්සිය සලකන විට අපේ සූර්යයා ඉතා නොවැදගත් සේ හැඟී යන්නා සේම සමස්ත විශ්වයම සලකන විට අප අයත් වන ගැලැක්සියද‚ එතරම් වැදගත් නොවේ. මෙවැනි ගැලැක්සීන් කෝටි සියයක් පමණ ඇති බව දැනට සොයාගෙන තිබේ. ඉතා ඈත අවකාශයෙහි පිහිටි එවැනි දෑ අපට දිස්වෙන්නේ කුඩා පැල්ලම් වශයෙනි.
කඳුලු බින්දුව…
Saturday, December 4, 2010
ඔවදන්……
Wednesday, December 1, 2010
ඔබ යන්න……
සඳ කැකුලී……
Tuesday, November 30, 2010
අසා සිටිනවද එකම වරක්…
Saturday, November 27, 2010
පුංචි තරුව…
Monday, October 25, 2010
ඔබ එනවද…… ?
Subscribe to:
Posts (Atom)