අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ සඳහන් වෙනවා, සිල් රකින කෙනාට මේ ජීවිතේ මේ මේ ආනිශංස ලැබෙනවා කියලා. මේ කරුණු දැනගත්ත කෙනා ධර්මය දන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ ධර්මය දැනගත්තට පස්සේ ‘මේ ධර්මය ඒකාන්තයෙන් සැප විපාක සහිතයි.
කියලා එයා ඒ දහමට පහදිනවා. ඊට පස්සෙ එයා සීලයට එනවා. දැන් එයා නුවණින් කල්පනා නොකළොත් එයාට දැන ගත්ත දේ දැකගන්ට පුළුවන් ද? දැකගන්ට බෑ. ඔන්න එයා දැන් කාලයක් සිල් සමාදන් වෙලා ඉන්නව. එහෙම හිටියට ඒ කිව්ව සැප එයාට තෝර බේරා ගන්න බැරිනම් එයාට සිල් රැකගන්න බැරිවෙනවා. ඇයි එහෙම වෙන්නෙ? එයා හිතනව ‘ මම සීලයට ආව, මට මුකුත් ප්‍රතිඵලයක් නෑනෙ.කියලා. ‘ මට පින් නෑනෙ..’ කියනව. . එය සසඳල බලන්නෙ නෑ දුස්සීල බව නිසා ලැබෙන දුක් සහිත විපාක මට දැන් නෑ කියල. සිල්වත් බවේ ආනිශංස මට ලැබෙනවා කියල සසඳල බලන්නෙ නෑ.
නමුත් සීලයට පැමිණි පුද්ගලයා සිල් රැකීමෙන් මට මේ මේ ආනිශංස ලැබෙනවා’ කියල නුවණින් කල්පනා කළොත්, එයා ඒ සීලය තුළ පිහිටනවා.